පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දීම පිළිබද තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබෙනවා.

ඒ අනුව හෙට රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ සම්බන්ධයෙන් සලකා බලනු ඇති.

සී ඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය පසුගිය 25 වනදා අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට අදාළව නාමයෝජනා කිසිවක් මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවට යොමුවී නොමැති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content