ගාල්ල – මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස්රථවල ගමන් කිරීම සඳහා හෙට සිට පෙරගෙවුම් කාඩිපත් නිකුත් කරන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කලේ මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිලදී ගත හැකි බවයි.

එම කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ බැංකු සමඟ ගිවිසුම්වලට එළඹි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වාදීමේ පලමු අදියර ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා මෙය හදුන්වා දෙන බවයි ඒ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content