අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා .

මෙම රථ දෙක පරිහරණය කර ඇත්තේ හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් විසින් .

ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේ තිදෙනෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් අධිකරණය සිතාසි නිකුත් නිකුත් කර ඇති බව වාර්තා වනවා .

තමා වසර 19 ක කාලයක් අටමස්ථානධිපතිව සිටි පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඉතා ලගින් ඇසුරු කල බවද පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා තිබෙනවා .

WhatsApp Group

Skip to content