බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී වන අලින්ට ආහාර ලබා දෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

ඔහු සදහන් කලේ , වාහනවලින් ගමන් කරන ඇතැම් පිරිස් වන අලින්ට ආහාර ලබා දීම හේතුවෙන් එම සතුන් වාහනවලින් ආහාර ලබා ගැනීමට පුරුදු වී සිටින බවයි .

මේ අතර බුත්තල – කතරගම පාරේ වන අලි පහර දීම් හේතුවෙන් වාහනවලට අනතුරු වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content