Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය වජ්‍ර ජයන්ති සැමරුම වෙනුවෙන් අද සහ හෙට අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක් සංවිධාන කර තිබෙනෙවා.

ඩිජිටල් පරිවර්තන සහ අභියෝග අවම කිරීම සඳහා වන නව්‍ය ප්‍රවේශයන් මගින් ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය – නීති පර්යේෂණ සහ නීති ප්‍රතිසංස්කරණ ශක්තිමත් කළ හැකි ආකාරය ගවේෂණය කිරීම එහි අරමුණයි.

අභියෝග අවම කිරීමෙහි ලා ඩිජිටල් පරිවර්තනය සහ නව්‍ය ප්‍රවේශයන්ට නීති අධ්‍යාපනය – පර්යේෂණ සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය න්‍යාය පත්‍රයක්, යන්න මේ සමුළුවේ තේමාව වී තිබෙනවා.

අන්තර්ජාතික සහ දේශීය නීතිවිශාරදයින් – අධිකරණ සාමාජිකයින් සහ නීති වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන පර්යේෂණ සමුළුවක් වන මෙහි මුඛ්‍ය දේශනය ප්‍රවීණ නීති විශාරදයෙකු වන මෙරට ජපාන තානාපති මි‘ෂුකෝෂි හිදේකි මහතා විසින් පැවැත්වීමට නියමිතයි.

නීති අධ්‍යාපනය ඩිජිටල්කරණය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ – කෘතිම බුද්ධිය සම්බන්ධ සිවිල් වගකීම් – ඩිජිටල් යුගයක වෘත්තීමය වටිනාකම් – ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියා පටිපාටින් සහ සාගර නීතිය පිළිබඳ විනිශ්චක පර්ශද වැනි පුළුල් පරාසයක් ආවරණය වන පරිදි මාතෘකා ගණනාවක් ඔස්සේ විද්වතුන් සහ වෘත්තිකයන් විසින් පර්යේෂණ පත්‍රිකා 66ක් මෙම අධ්‍යයන සමුළුව ට ඉදිරිපත් කරෙනු ඇති.

WhatsApp Group

Skip to content