දෙසැම්බර් 05 වනදා සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් සලකා බලා 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කරන බවයි.

තව ද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පමණක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද එහි දැක්වෙනවා.

2022 අ.පො ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කිරීම සිදු කළ යුතු බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතු බවත්, අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

WhatsApp Group

Skip to content