Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8 දෙනෙකු මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුලු වී 13,765,000ක මුදල් වංචා කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය සිදුකර ඇත්තේ.

මේ අනුව නොවැම්බර් 26 වනදා වාද්දුව පිළියන්දල බණ්ඩාරවෙල සහ ගාල්ල යන ප්‍රදේශවලදී අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 36 ත් අතර පසුවන ගාල්ල වැලිගම රත්ගම වාද්දුව සහ පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම පිරිස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content