Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.

අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනා එළඹෙන ජනවාරි 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කළා.

උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබුණා.

එහි දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් සිසුන් 06 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

සිසුන් හදුනා ගැනීමේ පෙරට්ටුව හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න ඔහුගේ පුත් විදුර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු 06 දෙනකු පැමිණ සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ මූලික විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවයි අධිකරණයට දන්වා සිටියේ.

සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කොට තිබෙනවා.

මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු පේරාදෙණිය පොලීසිය මගින් සිදු සිදුකෙරුණ අතර පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යටතට පත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content