අපරාධයක් සිදු කිරීමට තැත් කරමින් සිටි සැකකරුවන් 3 න් දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව වැල්ලම්පිටිය මංසන්දිය අසළ විශේෂ වැටලීමක් සිදුකළා.

එහිදි මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 3 න් දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 9යි මිලි ග්‍රැම් 89ක් සමග අත්අඩංගුවට ගත් බවයි වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කළේ.

සිදුකළ විමර්ෂණවලදි හෙළි වී ඇත්තේ සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් සමග සම්බන්ධ වී යම් අපරාධයක් සිදු කිරීමට ප්‍රදේශයේ සැරිසරමින් සිටි බවයි.

ඔවුන් වැඩිදුර විමර්ෂන සදහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා.

WhatsApp Group

Skip to content