දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට බලපෑ අයහපත් කාළගුණයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ජොහැන්නස්බර්ග් නගරයේ ජුක්ස්කෙයි ගඟ අසබඩ පිහිටි පල්ලියක ආගමික වතාවත්වල නිරත වී සිටි පිරිසක් මෙමෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ජොහැන්ස්බර්ග් නගරයට පෙරේදා රාත්‍රීයේ ඇද හැලුන අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ද හටගත්තා.

ජොහැන්නස්බර්ග් නගරයේ හදිසි සේවා අංශය සඳහන් කරන්නේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගංඟාව අසළ සිදු කෙරෙන චාරිත්‍ර සිදු නොකරන ලෙසයි.

WhatsApp Group

Skip to content