ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ 70 වන ඡන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

මීට සමගාමිව ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාව දීපනි ප්‍රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ජනාධිපතිවරුන්, විදේශ තානාපතිවරුන්, මැති ඇමතිවරුන්, කලාකරුවන් ඇතු`ඵ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත් වුණා.

මෙහිදි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත සුබන්දු කෘතිය ද ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ප්‍රඥාබන්දු ශිෂ්‍යත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ සුරතින් පිළිගන්වනු ලැබුවා.

පාසල් සිසුන්ට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික අරමුදලින් ලබා දුන් මෙම ශිෂ්‍යත්වය සදහා ඕනෑම අයෙකුට ඉදිරියටත් දායක විය හැකි බවටයි ඒ මහතා අවධාරණය කළේ.

මේ අතර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ චිත්‍රපටිවල අධ්‍යක්ෂකවරුන්ට සහ ඊට රංගනයෙන් දායක වූ ජේ්‍යෂ්ඨ සිනමාවේදීන්ට එහිදි සම්මාන තිළිණ ප්‍රදානයක් සිදු කළා.

සුද්දිලාගේ කතාව, සිරිමැදුර, අයෝමා, ද නිව්ස් පේපර් ආදි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදනය කළ ජනාදරයට පත් චිත්‍රපටි වනවා.

මේ අතර සුද්දිලාගේ කතාව යන චිත්‍රපටය සදහා 14 වන සරසවි සම්මාන උළෙලේදී හොදම නිෂ්පාදනය, හොදම චිත්‍රපටය, හොදම නිලිය, හොදම තිර පිටපත ආදි වශයෙන් සම්මාන 8 කට හිමිකම් කීමට ද සමත් වුණා.

එමෙන්ම මෑතකදී අධ්‍යක්ෂණය කළ “ද නිව්ස් පේපර්” චිත්‍රපටය සදහා ද රුසියාවේ පැවති 18 වන කසාන් ජාත්්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලේදී ඒකාබද්ධ හොදම නලුවාට හිමි සම්මානය සරත් කොතලාවල මහතාට සහ කුමාර තිරිමාදුර මහතාට හිමි වුණා.

මේ අතර “ද නිව්ස් පේපර්” චිත්‍රපටය සදහා ජේ්‍යෂ්ඨ සිනමාවේදී සිරිල් වික්‍රමගේ, සුද්දිලාගේ කතාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධර්මසිරි බණ්ඩාරනායක, සිරිමැදුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල යන මහත්වරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ප්‍රදානය කෙරුණා.

WhatsApp Group

Skip to content