මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කළ බවයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ.

ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බව ඒ මහතා කියා සිටියා.

රාජ්‍ය වෙසක් උළෙලට වෙසක් පුර්ව වැඩසටහන්,වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහනට ඇතුලත්වනවා.

ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුනා.

WhatsApp Group

Skip to content