Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

වර්ෂාව හේතුවෙන් අද දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357ක් රැස්කරගෙන සිටියා.

නිෂාන් මදුෂ්ක අද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. දිනය නිමා වන විට නිෂාන් මදුෂ්ක ලකුණු 149ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 83ක් ලබා නොදැවී ක්‍රිඩා කරමින් සිටියා. අයර්ලන්ත පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 492යි.

ශ්‍රී ලංකාව අයර්ලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135ක් පිටුපසින් පසුවනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ හෙට සිව්වන දිනය හෙටයි.

 

WhatsApp Group

Skip to content