Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2014 වර්ෂයේදි මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩු කළ බවට වන චෝදනාවන්ට අදාළව හිටපු අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර අද(26) භාරදී තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් තමන් වෙත ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබාදී නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කිරීමත් සම ගින් නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ජුනි මස 16 වැනිදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.

2014 වර්ෂයේදී මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ. ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමකට අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රාජයට පාඩුවක් සිදුකළ බව පවසමින් අල්ලස් කොමිසම චෝදනා පහක් යටතේ මෙම අධිචෝදනා පත්‍රගොනු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content