Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමි වනවා.

මේ අනුව පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වනදා රැස්වීමෙන් අනතුරුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 17 වනදායි.

එය නව වසරේ පළමු රැස්වීමද වනවා.

අද උඳුවප් පුර පසළොස්වක පොහොය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස් නොවන අතර හෙට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයන් ද පැවැත්වෙනු ඇති.

මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම හෙවත් තෙවැනි වර කියවීමේ ඡන්දය හෙට පස්වරු 05.00 ට පැවැත්වීමට නියමිතයි.

එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 09 වන සිකුරාදා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළා.

අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුව ලබන 13 වන අඟහරුවාදා දවස පුරා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content