Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දුම්රිය සේවය කිසිවිටෙකත් පෞද්ගලීකරණය නොකරන බවත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කර එය ලාභ ලබන තත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, රජයේ කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී අපහසුතා පැවතීම හේතුවෙන් එය අධිකාරියක් බවට පත්කිරීමට පියවර ගන්නා බවද සඳහන් කල අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවක් ලෙස තිබූ වරාය ද අධිකාරියක් කිරීමෙන් පසු ලාභ ලබන තත්වයට පත්ව ඇතැයි මෙහිදී පෙන්වා දුන්නා.

දුම්රිය මාර්ගවල ඇතැම් පීලි අවුරුදු 10 ත් 40 ත් අතර පැරණි බැවින් පීලි පැනීමේ අවදානමක් පවතින බවත්, දුම්රිය සඳහා වේග සීමා පැනවීමට සිදුව ඇතැයිද සඳහන් කල අමාත්‍යවරයා දුම්රිය මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවෙන් ණය යෝජනා ක්‍රමයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කියා සිටියා.

අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

දුම්රිය අලාභ නොවී පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ වන විටත් ඉංජිනේරුවරුන්, නියාමකවරුන් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

WhatsApp Group

Skip to content