Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බවයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කලේ .

එම වසරේදී රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් ඔහු සදහන් කලා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග මුදල් අමාත්‍යාංශයේදී පසුගිය 01 වැනිදා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී මෙම වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සලකා බලන බවට ප්‍රකාශ කළ බවද ධම්මික මුණසිංහ මහතා කියා සිටියා.

WhatsApp Group

Skip to content