Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමග සහ හෙරොයින් සමග කාන්තාවක් හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 520ක් සහ හෙරොයින් ග්‍රෑම් 202ක්, විද්‍යුත් තරාදියක් සහ බැංකු පොත් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය, පසුගියදා හංවැල්ල ආපන ශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඩුබායි හි සැඟව සිටින ලලිත් කන්නංගර නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් බවටද අනාවරණ වී තිබෙනවා.

අදාළ සැකකාරිය පදිංචි නිවස වෙත පැමිණෙමින් සිටියදී පරීක්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

පොලිසිය කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ආපන ශාලා හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන්ද අදාළ සැකකාරිය ආධාර අනුබල ලබාදී ඇති බවයි.

වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් පවත්වනු ලබන අතර අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content