ඉන්දියානු නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. දිල්ලි නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබෙනවා.

මෙම නෞකාව දිගින් මීටර් 163.2 ක් වන අතර එහි අණදෙන නිලධාරි ලෙස කපිතාන් ෂිරාස් හුසේන් අසාද් කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

අයි.එන්.එස්. දිල්ලි නෞකාව සිය නිල සංචාරය නිමාකරමින් ලබන 16වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

WhatsApp Group

Skip to content