ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුත්සාෆා මහතා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්වී තිබෙනවා..

නිදහස් පක්ෂයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාව අතරතුරදී ෆයිසර් මුස්තාෆා මහතා විසින් සිය ඉවත්වීමේ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී උතුරු, නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 09 ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන් තරඟ වැඳීමට තීරණය තිබෙනවා.

එක්සත් නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලමහතා සඳහන් කර ඇත්තේ

අනෙක් දිස්ත්‍රික්ක සඳහා තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් හෙට පස්වරුවේ රැස්වී තීරණයක් ගැනීමට නියමිත බවයි.

WhatsApp Group

Skip to content