Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ද මෙවර එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම නිමාවට පත්වූ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේදී එක්දින වරම් දිනාගත් මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද මෙම සංචිතයට ඇතුලත් වනවා.

කෙසේ වෙතත් තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින සංචිතයේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා.

වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ සධීර සමරවික්‍රම ද එක්දින සංචිතයට අතුලත්.

ලෝක කුසලානට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතයි.

මේ සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content