සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ සංහිදියාව සදහා වන ක්‍රියාකාරි සැලැස්ම පිළිබදව සාකච්ඡා කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි.

ඒ අනුව නීති සම්පාදනය , ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටළු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 5 ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මේ තුළින් සමාලෝචනය කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content