Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ අල්ලස් නඩුවෙන් ඔහුව නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.

කෙසේ වෙතත් අදාළ නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට සජිත් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තීන්දු කළේ හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙසටයි.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.

WhatsApp Group

Skip to content