Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රී 12 ට සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 340 ක් වනු ඇති.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 80 කින් අඩු කරනු ලැබුවා.

ඒ අනුව එහි මිල දැක්වෙන්නේ රුපියල් 325ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්්‍රල් ලිටරයක මිල 375 ක් ලෙස අඩු කෙරෙනු ඇති අතර සුපර් ඩීසල් ලීටරයක මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට 465 ක් දක්වා අඩු වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/03/KANCHANA-EDIT-03.mp3?_=1

එමෙන්ම භූමි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරෙන අතර එහි නව මිල සටහන් වන්නේ 295 ක් ලෙසයි.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එහි සේවකයින් දින කිහිපයක සිට සත්‍යග්‍රහයක නිරත වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ පස්වරුවේදී සියලු රාජකාරීවලින් ඉවත් වී කටයුතු කරනු ලැබුවා.

මේ හේතුවෙන් ඉන්දන බෙදාහැරීමේ කටයුතු අඩාල වූ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ එම අවස්ථාවේදී අපහසුතාවට ලක් වූ ජනතාව දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/03/JANATHAAWA-EDIT.mp3?_=2

කෙසේ වෙතත් අද දින පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තිය සමිති නායකයින් ඇතු`ඵ 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවූ බවයි.

එමෙන්ම කිසිදු ඉන්ධන හිගයක් රට තුළ නොපවතින බවත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද දින ජනතාවට දැනුම් දුන්නා.

https://www.vnews.lk/storage/2023/03/KANCHANA-EDIT-02.mp3?_=3

ඉන්ධන බෙදාහැරීම සදහා ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව කටයුතු කළ අතර සේවාවන්ට බාධා කරමින් හැසිරුණු වෘත්තිය සමිති නායකයින් ඇතු`ඵ අනෙකුත් සාමාජිකයින් හට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ද පැමිණීම තහනම් කරමින් නාම ලේඛනයක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අදාළ සේවකයන් සදහා කොළොන්නාව නිමාව, මුතුරාජවෙල පර්යන්තය, තොග තෙල් ගබඩාවන් ඇතු`ඵ ආයතන සතු සියලුම පරිශ්‍ර සහ දේපල වහාම ක්‍රියාත්මක වන පරදි තහනම් කලාපයක් බවට පත් කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content