Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාරදී තිබෙනවා.

නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයාව කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේඋදෑසන රේගු භාරයට ගැනුනා.

ඔහු රත්‍රන් කිලෝ 3 1/2ක් සහ ස්මාර්ට් දුරකථන 91ක් මෙරටට ගෙනැවිත් ඇති බවයි එහිදී හෙළිවූයේ .

පසුව රුපියල් මිලියන 7.5ක දඩයක් ගෙවීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර තිබුනා.

කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවයි.

WhatsApp Group

Skip to content