Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව උදෙසා හෙට සිට අමතර බස් සේවා යොදවා ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පවසනවා.

මගී ජනතාවගේ ඉල්ලීම අනුව කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවලට එම බස් සේවා ක්‍රියාත්මකයි.

ඒ සදහා ප්‍රමානවත් බස්රථ ප්‍රමාණයක් පවතින බව ගැමුණු විජයරත්න මහතා සදහන් කලා.

මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවා .

එය ලබන 18 වැනිදා දක්වා ක්‍රියාත්මකයි .

ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස්රථ ඒකාබද්ධව එම සැලැස්ම ක්‍රියාත්මකයි

WhatsApp Group

Skip to content