Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කරමින් උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රාත්‍රී වැටලීම ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා .

වැඩි මිලට රාත්‍රී කාලයේදී බිත්තර විකුණන වෙළඳුන් ද සොයා වැටලීම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ද යොදවාගෙන ඇති බවයි එම අධිකාරිය සදහන් කලේ .

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් කර ඇති බවයි වාර්තා වන්නේ .

මෙම වැටලීම් නිවාඩු දින ඇතුළුව අඛණ්ඩව රට පුරා ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ .

මේ අතර හාලිඇල සතොස ශාඛාවේ තරාදිය සිය භාරයට ගැනීමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා .

ඒ නිසි ප්‍රමිතියක් නොමැතිවීම හේතුවෙන් .

මෙහිදී ග්‍රෑම් 150ක පමණ අඩුවක් අදාළ තරාදියේ පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content