තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

එමෙන්ම මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුලදි තමිල්නාඩු පුදුචෙරි වෙරළ වෙත ළගාවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

උතුරු අක්ෂාංශ 08ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 80 සහ 87ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා වැඩිවිය හැකියි.

මීට අමතරව කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ක් 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රf්දශවලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content