Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඩුබායි සහ ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ බවට පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙසැම්බර් මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් ඕමානයේ සහ අබුඩාබි වෙත කාන්තාවන් රැකියා සඳහා යෙදවූ ප්‍රධාන සැකකරුවෙකුගේ මෙරට උප නියෝජිතයා එලෙසයි ඊයේ පස්වරුවේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.

පොලිසිය පැවසුවේ ඔහු කාන්තාවන් රවටා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන පවසා රැකියා නියෝජිතායතනයක් මගින් කාන්තාවන් විදෙස්ගත කර ඇති බවයි.

මෙලෙස වංචනික ලෙස විදේශ ගතකළ කාන්තාවන් අතරමන්ව සිට නැවත දිවයිනට පැමිණීමෙන් පසු පොලීසියට සිදුකර ඇති පැමිණිලිවලට අදාළවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද කොළඹදී මෙලෙස අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2022/11/THARAKA-BALASOORIYA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content