Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

තවද, අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛයද නිකුත් කිරීමට නියමිතයි.

ඒ බැවින් අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් නොනරනු ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

මේ අතර දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව හෙට සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්යංශය සඳහන් කරන්නේ.

තවද රජයේ පාසල් හෙට දින නොපැවැත්වෙන බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසනවා.

https://www.vnews.lk/storage/2023/04/ARAVIND-KUMAR-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content