Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගාල්ල – දඩල්ල ප්‍රදේශයේදී ඊයේරාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

අවුරුදු උත්සවයකින් පසු පැවති සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටියදී ඔවුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 36 ක්.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා 18 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් දඩල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන්.

නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති අමනාපයක් නිසා වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමට දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඉන් එක් අයෙකු මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

මේ අතර බදුල්ල කහටරුප්ප දඹගස්ගොඩ ප්‍රදේශයේදී පහර දී පුත්‍රයා විසින් සිය පියා ඝාතනය කර තිබෙනවා .

මියගිය පුද්ගලයා බීමත්ව සිය බිරිඳට පහරදීමට උත්සහ කිරීමේදී පුත්‍රයා විසින් එලෙස පහර දී ඇති බව පොලීසිය පැවසුවා .

මියගොස් ඇත්තේ 57 හැවිරිදි දඹගස්ගොඩ කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර අත්අඩංගුවට ගත් සැකකරු අද බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

මේ අතර ගල්කිස්ස සහ කහටරුප්ප ප්‍රදේශවලදී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා .

පොලීසිය ප්‍රකාශ කළේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර ඇති බවයි .

පවුල් ආරවුලක් මත එම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 26 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන්.

WhatsApp Group

Skip to content