Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හලාවතදී පසුගිය අප්‍රේල් 19 වැනිදා වයස අවුරුදු 18 ක කාන්තාවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් දඹුල්ල විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 23, 28 සහ 40 යන වයස්වල පසුවන දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content