රස්නායකපුර, ඇදගලහේන ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රස්නායකපුර පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන නිකවැරටිය, කඩිගාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content