Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

09 වන පාර්ලිමේන්තුවේ හතරවන සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය අද ආරම්භ වුණා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණේ පෙරවරු 09.30ටයි.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රීධුරය සදහායි ෆවුසි මහතා දිවුරුම් දෙනු ලැබුවේ.

මේ අතර රටේ ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා කැදවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කතානායකවරයා මෙම ආඥාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එමෙන්ම පනත් කෙටුම්පත් දෙකකට සිය අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී සභාවට දැනුම් දුන්නා.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනුරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට මෙලෙස කතානායකවරයා අත්සන් යොදා තිබුණා.

https://www.vnews.lk/storage/2023/02/MAHINDA-YAPA-EDIT.mp3?_=1

මේ අතර ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ දෙවන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ, එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසිනුයි.

අනුකාරක සභා දෙකෙහි වාර්තා දෙක පිළිබද පාර්ලිමේන්තුවේ විවාදයකට යොමු කළ යුතු බවයි චම්පික රණවක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/02/PATALI-EDIT-.mp3?_=2

අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විවාදය ආරම්භ කරමින් මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/SANJEEWA-EDIRIMANNA-EDIT-1.mp3?_=3

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක් වුණා.

සියලු ජාතීන්ගේ සහයෝගිත්වයෙන් රට මුහුණ දී සිටින අර්බුදවලට විසදුම් සෙවිය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

https://www.vnews.lk/storage/2023/02/MITHREE-EDIT.mp3?_=4

රට ලේ විලක් කරන දහතුනේ බලය බෙදීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/02/UDAYA-GAMANPILA-EDIT-.mp3?_=5

මෙම විවාදයට එක් වූ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා.

https://www.vnews.lk/storage/2023/02/NALIN-FERNANDO-EDIT.mp3?_=6

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සමඟි ජනබලවේගය අද වර්ජනය කළා. එම පක්ෂය පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ද වර්ජනය කර තිබුණා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ විවාදය හෙට දෙවන දිනට පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content