ගිනිගත්හේන ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50 වන කාන්තාවක් සහ ඇයගේ 30 හැවිරිදි දියණියයි.

ඔවුන් පදිංචිව සිටි නිවසින් දින ගණනාවක් පිටතට නොපැමිණීම සහ එම නිවස දෙසින් දුර්ගන්ධයක් පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුවයි ගිණිගත්හේන පොලිසිය විසින් ආදළ නිවස පරික්ෂාවට ලක්කර ඇත්තේ. එම නිවසේ නිදන කාමරයේ ඇද මත තිබී මළසිරුරු දෙක සොයාගෙන තිබුණා.

මෙය සියදිවිහානිකර ගැනීමක් බවට පොලිසිය සැකපලකරනවා.

ගිණිගත්හේන පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

 

 

WhatsApp Group

Skip to content