ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන සදහා ලබා දීමට නිකුත් කිරීම තවත් දින 3 කින් කල්ගත වනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද දින පාර්ලිමේන්තුවේදි රෝහණ බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිත බවයි.

https://www.vnews.lk/storage/2023/03/NALIN-FERNANDO-EDIT-4.mp3?_=1

WhatsApp Group

Skip to content