ඇමරිකානු මහ බැංකු සිය පොලී අනුපාත යළි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එරට බැංකුව විසින් සියයට 4.75ක්ව පැවති පොලී අනුපාතය සියයට 5 දක්වා සියයට දශම 25කින් ඉහල දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉහළ යන උද්ධමනය හමුවේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍යයද ඉහල යන උද්ධමනය හමුවේ පොලී අනුපාත ඉහල දැමීමට සූදානම් වන බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content