ආනයන අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙදහස් පන්සියයක විදේශ විනිමයක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකිව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් කියාසිටියේ ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කිරීමට හැකිවී ඇත්තේ ඇතැම් ආනයන අත්හිටුවීම නිසා බවයි.

2022 වසර තරම් ආර්ථික වශයෙන් අසීරු වසරක් මෙරට යළි ඇති නොවනු ඇතැයිද රංජිත් සියඹලාපිටිය මහතා විශ්වාසය පළ කළා.

https://www.vnews.lk/storage/2023/01/SIYAMBALAPITIYA.mp3?_=1

WhatsApp Group

Skip to content