Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

40 හැවිරිදි මොහු මහරගම දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් පුද්ගලයකු ෆෙස්බුක් හි නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් පළකර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුනා.

සැකකාර පුද්ගලයාගේ ගිණුම පරීක්ෂාකර සවිස්තර වාර්තා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content