Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආනයන සදහා ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ණයවර ලිපි නිකුත් කිරීමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබු විධාන වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවයි මහ බැංකුව සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු දැනුවත් කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී සියයට සියයක ආන්තික තැන්පතුවක් පවත්වා ගතයුතු බවට දැනුම් දී තිබුණා.

 

WhatsApp Group

Skip to content