අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ගල් පරයක වැදී බහුදින යාත්‍රාව අනතුරට ලක්ව තිබු බවයි.

ත්‍රිකුණාමලය, කොඩ්බේ වරායෙන් පසු ගිය 24 වන දින පිටත්ව ගිය යාත්‍රාව අනතුරට පත්ව ඇති බවට නැගෙනහිර නාවික විධානයේ නාවික නෞකා ලංකා පටුන ආයතනය වෙත තොරතුරක් ලැබී තිබුනා.

ඒ අනුව ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි සිව් දෙනා කුඩා යාත්‍රාවක් යොදවා නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කලේ.

WhatsApp Group

Skip to content