Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

1984 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකින් නිකුත්වු විෂ වායුවක් පරිසරයට එක්වීමෙන් 6300 කට අධික පිරිසක් මරණයට පත්වුණා.

ලෝක ඉතිහාසයේ දරුණුතම කාර්මික අනතුර ලෙසයි එය සැලකෙන්නේ.

අනතුර සිදුවී දශක ගණනාවක් ගතවන තුරු බොහෝ පිරිසක් පෙනහලු, අක්මාව, මොළය හා වකුගඩු ආබාධවලින් පිඩා වින්දිනු ලැබුවා.

බොහෝ දෙනෙකු අන්ධ භාවයට පත්වු බවද සඳහන්.

විෂ වායු සිද්ධිය මුල් කරගනිමින් එක්සත් ජාතින්ගේ සංවිධානය 1992 දී සෑම වසරකම දෙසැම්බර් 03 වැනිදා ආබාධ සහිත වුවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පුද්ගලයන් ආබාධිතවීමට හේතු රැසක් බලපෑ ඇති අතර මාර්ග අනතුරු ඉන් ප්‍රධානයි.

දියවැඩියාවල ආඝාතය වැනි රෝග ද ඊට හේතු වී තිබෙනවා.

ගෘහස්ථ අනතුරු ද වැඩි අගයක් ගෙන තිබෙනවා.

ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉටුකර දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පහත් මට්ටමක පවතින බවයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී සඳහන් කළේ.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනගහනයෙන් 1000 කට ආබාධිත පුද්ගලයින් 87 දෙනෙකු වන බවයි.

https://www.vnews.lk/storage/2022/12/SAJITH.wav?_=1

මේ තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා.

https://www.vnews.lk/storage/2022/12/SAJITH_PREMADASA.wav?_=2

WhatsApp Group

Skip to content