Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය යථාවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ “වොයිස් ඔෆ් ද ග්ලෝබල් සවුත්” ඨ 20 සමුළුවට එක්වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සාකච්ඡා කරමින් පවතින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇප ලබාදීමේ ක්‍රියාවලියෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ද්වීපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කඩිනමින් ගිවිසුම්වලට එළඹීමට ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබාදීමද ප්‍රමාද වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, එවැනි තාක්ෂණික ගැටළු හා ප්‍රතිඵල ප්‍රමාදයන් හේතුවෙන් රටේ ජන ජීවිතයට විශාල හානියක් ඇතිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ අන්‍යෝන්‍ය අවබෝධය තුළින් මෙම ක්‍රියාවලියේ අවසන් පියවර ඉක්මනින් සිදුවනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.

WhatsApp Group

Skip to content