Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසම හමුවට අද(13) කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඔහු කළ නියෝගය සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙම කැඳවීම කළ බවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ මෙම නියෝගය පසුව ඔහු විසින්ම යළි කැඳවනු ලැබුවා.

මේ ඒ පිළිබදව පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචි හේවා මහතා.

https://www.vnews.lk/storage/2023/01/NIMAL-PUNCHIWA-EDIT-.mp3?_=1

මේ අතර පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබාදීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බලප්‍රදේශ 8911 න් පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නීර්ණ කමිටුව පත් කරනු ලැබුවා.

කෙසේවෙතත් කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ සීමානීර්ණ කටයුතු පෙබරවාරි 28 දින අවසන් කිරිමට නියමිතව තිබුණ ද පවතින ප්‍රායෝගික ගැටලු ගණනාවක් හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවයි .

WhatsApp Group

Skip to content