ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව පියවරගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවත අද  පෙරවරුවේ ආරම්භ වුනා.

එහි දී අදහස් දක්වමිනුයි මහා බැංකු අධිපතිවරයා මෙම අදහස් පල කලේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ මහතා සඳහන් කලේ උද්ධමනය ඉහළ යාම සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීම මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් බවයි.

එමෙන්ම උද්ධමනය ඉහළයාම සහ විදේශ විනිමය හිඟය ශ්‍රී ලංකාව  මුහුණදුන් ප්‍රධාන ගැටලු දෙකක් බවද ඒ මහතා කියා සිටියා.
තවද උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට මහා බැංකුවට සිදුවූ බවයි ඒ මහතා අවධාරණය කලේ.

WhatsApp Group

Skip to content