තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ සති පිරිත් පිංකම අද සිට ජුනි මස පළමු දින අලුයම දක්වා පැවැත්වෙනවා
 පොසොන් මහා පූජෝත්සවය හා පොසොන් මහාපෙරහැර මංගල්‍යය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන මෙම සති පිරිත් දේශනය රටටත් ජනතාවටත් සෙත්පතා පවත්වනු ලබනවා.
තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මරතන හිමියන් පවසන්නේ තිස්සමහාරාම පොසොන් මහා පෙරහැර ජුනි තුන්වන දින පැවැත්වෙන බවයි
මෙම සති පිරිත් දේශනාවේ  දේවදූත පෙරහැර  සහ දොරකඩ අස්න  අනුශාසනාව මැයි 31 වන  දින සිදුකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා

WhatsApp Group

Skip to content