ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් සියලු පාර්ශව එක්විය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එහි ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් මහතා පෙන්වා දෙන්නේ විදේශ ණය ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වය පත්වනු ඇති බවයි.

දීර්ඝ කාලයක් පවතින ආර්ථික ගැටළු සහ වැරදි ප්‍රතිපත්තිමට තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවු ඇති බව ඔහු සදහන් කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඉදිරි වසර 4 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි පීටර් බෲවර් සදහන් කළේ.

ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ හදුන්වාදීම , මහජන මුල්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීම සහ දුෂණ විරෝධි නෛතික රාමුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ අතර රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව පේරාදෙනිය විශ්වවිද්‍යාලේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/04/WASANTHA-ATHUKORALA.mp3?_=1

WhatsApp Group

Skip to content