Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ බහරේන් හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී යි .

ඒ අනුව දීර්ඝ වශයෙන් මේ සම්බන්යෙන් තවදුරටත් සාකච්ඡා පවත්වා ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබද අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමකදී ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසලවලදී මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත් වීමටයි නියමිතව ඇත්තේ . මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සතු වනවා .

තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කල නොහැකි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා ප්‍රකාශ කලේ .

මේ හේතුවෙනුයි මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධව ගැටළු මතු වුයේ .

කෙසේ වෙතත් තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වීම සම්බන්ධයෙන් ද ඉන්දියාවේ විරෝධය පලවී නොමැති බවයි වාර්තා වන්නේ .

පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණේ ද එහි සත්කාරක අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ව තිබූ පසුබිමකයි.

WhatsApp Group

Skip to content