හෝමාගම ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක සාමාජිකයින් සඳහා වියළි ආහාර සලාක බෙදාදීමේ  උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා.

ඒ මාර්තු මස 16 වැනිදාට යෙදුනු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙනි.

එම උත්සව අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වූවා.

ලොව දැවැන්තම රාජ්‍යයක් වන චීනය ඉතිහාසයේ පටන් අපේ රටට සම්පත් ප්‍රමාණයක් දායාද කර තිබෙනවා.

ණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් වැනි ඉදිකිරීම්, දැවැන්ත ව්‍යාපෘති ඇතුළු සංවර්ධන කටයුතු රැසකදී චීන රජය ශ්‍රී ලංකාව සමඟ ඉතාමත් මිත්‍රශීලීව කටයුතු කරමින් සිටිනවා.

පසුගිය කොවිඩ් වසංගතය සමයේදීත් චීන රජය සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය අමතක කළ නොහැකියි.

දූපත් රාජ්‍යක්‌ ලෙස ශ්‍රී ලංකාව රටේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් ඇමරිකාව, ජපානය,චීනය, ඉන්දියාව ආදී සියලු රටවල් සමඟ ඉතාමත් මිත්‍රශීලී ලෙස කටයුතු කල යුතු වනවා.

චීන රජය මගින් උසස් අධ්‍යාපනයට පිරිනැමුණු ශිෂ්‍යත්වයක් යටතේ වසර තුනක් චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුවල නිරත වී ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට මට ලැබුණු අවස්ථාවත් සිහිපත් කිරීමට මම කැමැතියි.

ආර්ථික වශයෙන් දුෂ්කර තත්වයකට මුහුණ දී සිටින මේ මොහොතේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් චීන රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ගෞරවයෙන් යුක්තව අගය කරනවා.

චීන බෞද්ධ විහාරස්ථාන සහ චීන බෞද්ධ ජනතාව ඒකාබද්ධ ෆාහියන් පුණ්‍ය භාරය  හා චීන බෞද්ධ සංගමය විසින් මෙරට සිදුකරන ලද ප්‍රදානයක් ලෙස මෙම වියළි සලාක මෙරටට පරිත්‍යාග කර  තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

WhatsApp Group

Skip to content