Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුරය, ලෝලුගස්වැව ක්‍රිඩාංගනය අසල මාර්ගයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, එම සැකකරු හෙරොයින් ග්‍රෑම් 11යි, මිලි ග්‍රෑම් 80ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දීයි .

ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්, මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීම, අවි ආයුධ ජාවාරම් කිරීම හා සංවිධානාත්මක අපාරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවත්විම වැනි අපරාධ රැසක් සමබන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු වයස අවුරුදු 27ක අයෙක්.

WhatsApp Group

Skip to content